ශිවන්‍යා ලංකාවට
ප්‍රේම දඩයම ලෙස මෙරට විකාශය වූ ඉන්දියාවේ මෙගා ටෙලි නාට්‍යයක් වන ‘නාගීන්’ ඔස්සේ මෙරට ජනප්‍රියත්වයට පත් ඉන්දීය නිළි – මෝනි රෝයි මෙම සතියේ ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
තිකෝ ෆිල්ම්ස් හි ආරාධනයෙන් ඇය මාර්තු 19දා මෙරටට පැමිණෙන්නේ මායා 2 චිත්‍රපටයේ මුහුරත් උළෙලටයි.
මෙම මුහුරත් උළෙල මාර්තු 19දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
‘ක්‍යුන්කි සාස් භි කභි බාහු ති’ හි ක්‍රිෂ්ණතුල්සිගේ චරිතයත්, .දේවොන් කේ දේව්…මහාදේව්’ හි සති දේවතාවියගේ චරිතයත් සහ ‘නාගින්’ හි ශිවන්‍යා සහ ශිවංගි ද්විත්ව චරිත ඔස්සේ ඇය ලොවපුරා රසිකරසිකාවියන් ගේ ආදරයට ලක්විය.