ජාත්‍යන්තරය ‘ලංකාවේ හමුදා නිලධාරීන් 26කට’ දඬුවම් දෙන්න සුදානම්

ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් මෙරට හමුදා නිලධාරීන් 26 දෙනකුට යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඊට දඬුවම් කිරීමට සාක්ෂි එක්රැස් කර ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර වැඩිදුරටත් වාර්තාවන්නේ එම නිලධාරීන් 26 දෙනා හට විදෙස් සංචරණ තහනමක් ඇතුළු සම්බාධක පැනවීමටද නිර්දේශ ඉදිරිපත් කර ඇති බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49වන නිත්‍ය සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී ආරම්භ වුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49වන නිත්‍ය සැසිවාරය අද සිට අප්‍රේල් 01 වැනිදා දක්වා ජිනීවා නුවරදී පැවැත්වෙයි.

න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාව යුක්‍රේනය – රුසියානු අර්බුදයට හිමිවෙද්දී  දෙවනුවට අවධානය යොමු කෙරෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැෂෙලේගේ නවතම වාර්තාවෙන් ද ශ්‍රී ලංකාවට බරපතළ චෝදනා එල්ල කෙරුණි.

මානව හිමිකම් මහා කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව එළඹෙන හතරවනදා සභාගත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විවාදය ද එදිනම පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *