පාතාල නායක සලිදුගේ ‘ලක්ෂ 80ක්’ කළු ගල් අස්සෙන් මතුවූ හැටි

විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරමේ නියුතු “පානදුර සළිදු” නැමැත්තා ට අයත් බව කියන රුපියල් අසූ ලක්ෂ එක්දහසක ජාවාරම් මුදලක්  පානදුර  , විහාරස්ථානයක කළුගල් ගොඩක සගවා තිබියදී  සොයාගෙන, ජාවාරම් මුදල් එකතු කරන පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු පැකට් කිහිපයක්ද  සමගින් අද (22) පස්වරුවේ  අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

පානදුර කොට්ඨාස බුද්ධි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිම්න ජයසුන්දර මහතාට ලද තොරතුරක් මත,  “පානදුර සළිදු” නැමැත්තා ගේ මුදල් එකතු කරන ප්‍රධාන  ගෝලයෙකු ගේ නිවසක් පරීක්ෂා කර ඇති අතර ,  කුරුප්පුමුල්ල විහාරස්ථානයක කළුගල් ගොඩක විශාල මුදලක් සගවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි  පොලිසිය පවසයි .

ඒ අනුව උප පොලිස් පරීක්ෂක කේ. බන්දුකුමාර ඇතුළු පොලිස් කණ්ඩායම විහාරස්ථානයේ ගොඩගසා තිබූ ගල්ගොඩ පරීක්ෂා කිරීමේදී කළු පැහැති පොලිතින් ආවරණයකින් වසාදමා හිස් සහල් උරයක බහා තිබූ   රුපියල් අසූ ලක්ෂ එක්දහසක මුදල සොයාගත් බව උසස් පොලිස් නිළධාරියෙක් කීය .

ජාවාරම් මුදල් එකතු කරන බව කියන පානදුර , කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකුද හෙරොයින් මත්කුඩු පැකට් තුනක් සමගින් අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *