“පොහොට්ටුව පිපුණාටත් වැඩිය වේගයෙන් පරවෙනවා.. රෙදි ඇඳගෙන මේ ආණ්ඩුවේ ඉන්න බෑ”
වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් තමන් තවදුරටත් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත‍්‍රී ධුරයක් දැරීම ලැජ්ජා සහගත බව පවසමින් ආණමඩුව ප‍්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රී මන්ත‍්‍රී චන්දන ප‍්‍රදීප් කුමාර ජයසිංහ ස්වාධීන වී ඇත.
ඒ ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය පැවැත්වූ ඉකුත් 10 දා විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.
ආණමඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රියන්ත රාජකරුණා මහතාගේ මූලිකත්වයෙන් රැස්වූ සභා රැස්වීමේදී මන්ත‍්‍රීවරයා ඉල්ලා අස්වී ඇත.
“අපේ මුළු පවුලම ප‍්‍රභල ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. මහින්ද රාජපක්ෂ මහතා පරාජය වෙද්දී ‘මහින්ද සුළඟ’ ගෙන එන්න අපි කටයුතු කළා. නමුත් අද මහින්ද සුළඟ මිනිසුන් අසීරුවට පත්කරලා. ඒ සුළඟ අද සුළි කුණාටුවක් වෙලා. ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නෙ. ගොවියො අන්ත අසරණ වෙලා.එජාපය වාගේ දැවැන්ත පක්ෂයක් බිංදුවට වැටුණා නම් පොහොට්ටුව ගැන මොන කතාද.ඉහළ නායකයෝ හිතාගෙන ඉන්නවා තාම 69 ලක්ෂයක් තියෙනවා කියලා. අපියි දන්නේ ගමේ තත්ත්වය. හොඳට මතක තියාගන්න පොහොට්ටුව පිපුණාටත් වැඩිය වේගයෙන් පරවෙන බව. ඉහළ සිට පහළ නායකයන් සියලූ දෙනා මේ බව දැනගත යුතුයි.අද මිනිස්සු හැම තැනින්ම තැලෙනවා. තවදුරටත් අපිට රෙදි ඇඳගෙන මේ ආණ්ඩුව තුළ රැඳී ඉන්න බැහැ” යැයි පවසමින් මන්ත්‍රී චන්දන ප‍්‍රදීප් කුමාර ජයසිංහ විපක්ෂයේ අසුන් ගෙන ඇත