අගමැති සහ ඇමති මණ්ඩලය ‘පත්කර ගන්න’පාර්ලිමේන්තුවට හිමි බලය මෙන්න

යෝජනා සම්මතයක් මගින් අගමැති සහ ඇමති මණ්ඩලය පත් කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතුවන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.

එබැවින් මේ මොහොතේ වහාම ඒ සඳහා කටයුතු කළයුතු බවද ඔහු පෙන්වා දෙයි. 

හිටපු අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

“රටේ ආණ්ඩුව පිළිබඳ යම් අර්බුදයක් මතුවෙලා තිබෙනවා නම් ඒ විසඳුම ලබාගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පමණයි.”

“විධායකය දැන් සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. අගමැති දුබල වෙලා. කැබිනට් මණ්ඩලයක් තියෙනවා ද නැද්ද කියලා දන්නේ නෑ.”

“පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. එක නීති පැනවීම. දෙක ස්ථාවර නියෝග. තුන යෝජනා සම්මතය.”

“යෝජනා සම්මතය මගින් අගමැති සහ ඇමති මණ්ඩලයක් පත්කර ගැනීමේ ක්‍රමවේදයක් දාන්න ඕනේ. මේ වගේ අවස්ථාවක ජනාධිපතිගේ මතය අවශ්‍ය වන්නේ නෑ.” 

රහස් ඡන්දයෙන් එක්කෙනෙක් නැඟිටලා යෝජනා කරන්න ඕනේ. සම්මත කරන්න ඕනේ. පළවෙනි වටේ බහුතරයක් නැත්තම් දෙවැනි වටය තියෙනවා.. පළවැනි සහ දෙවැනි අපේක්ෂකයෝ. ඔයිට වැඩිය මොනාද?”

“පාර්ලිමේන්තුවේ බහුතරය වෙනත් කෙනෙකුට ගිය හැටිය ඉන්න කෙනා ඉබේ ඉවත් වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *