‘ සත්තුවත්තේ සතුන් මරා ‘මස් විකුණන ‘ සුපිරි ජාවාරමක් – දොස්තර හෙළි කළ තොරතුරු මෙන්න (VIDEO )

රිදියගම සෆාරි උද්‍යානය තුළදී සතුන් ඝාතනය කෙරෙන බව එම උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිවර්ණ මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.

බහුතරයක් සේවයකයන් මේ සම්බන්ධයෙන් දැඩි කලකිරීමකින් සිටින බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ තමන් තවදුරටත් සේවයේ නිරත වීම ද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවය.

එසේම රිදියගම සෆාරි උද්‍යානය තුළට පිටතින් රැගෙන එන සතුන් අමානුෂික ලෙස සිරකරගෙන සිටින බවද පශු වෛද්‍යවරයා අදාළ වීඩියෝව මගින් පෙන්වා දෙයි.

විවිධ උපක්‍රම යොදා සතුන් මරා අනතුරුව මාංශ බාහිර පුද්ගලයින්ට වෙළෙඳාම් කරන බවද ඒ මහතා අදාළ වීඩියෝවෙන් පැවසීය.

මේ අතර සතුන්ට ආහාර සැපයීම සිදුකරන පෝෂණ අංශය විසින් සිදුකරන සොරකම් පිළිබඳවද තමන් ඉදිරියේදී හෙළිදරව් කිරීමට සූදානම් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම පසුගිය වසර 5 තුළ තම රාජකාරී කටයුතුවලට විශාල වශයෙන් බාධා එල්ලවූ බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගතහොත් තමන් ඉදිරියේදී රාජකාරියෙන් ඉවත් වන බවත් පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතා ප්‍රකාශ කළේය.

රිදියගම සෆාරි උද්‍යානයේ සිටින ඩෝරා නමැති සිංහ පැටවා රැකබලාගැනීමත් සමඟ ප්‍රියසාද් ඉදිරිවර්ණ මහතා සියලුදෙනා අතරේ ජනප්‍රියතාවයට ලක්විය.

කෙසේ වෙතත් පසුගියදා ඩෝරා පැටවා බැලීමට යාමේදී රිදියගම සෆාරි උද්‍යානය තුළදී පශු වෛද්‍ය ප්‍රියසාද් ඉදිරිවර්ණ මහතා එම ආයතනයේ සේවකයන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර මේ වනවිට ඔහු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *