තෙල් පෝලිමේ සිටි පස්වැන්නාත් මරු දකී

මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලිසිය කියයි.

ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයකු පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇත.

අනතුරුව එම පුද්ගලයා කෑන්  දෙකක් රැගෙන ගොස්  තිරෝද රථයෙහි තබා ඇත.

තුන්වෙනි කෑන්එක රැගෙන යමින් සිටියදී  ඔහු එක්වරම බිම ඇද වැටීමෙන් පසු ඒ අසල ආරක්ෂක රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් යුහුසුළුව මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුළත් කරන පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් ඇති බව හෙළි වී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *