ආණ්ඩුවෙන් ඉවත් වෙන්න නිදහස් පක්ෂ අනුමැතිය – අවසර තීරණය මෛත්‍රීගෙන්

ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටින්නේද? නැද්ද? යන්න තීරණය කිරීමට පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පක්ෂ මධ්‍ය කාරක සභාව අද (01) අවසර ලබාදී තිබේ.

රටේ පවතින තත්ත්වය මත එම තීරණය ගැනීමට එලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අවසර හිමිවූ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

අද පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ඔහු වැඩිදුරටත් පැවසුවේ, එම තීරණය සතියක් තුළ දැනුම් දීමට නියමිත බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අද පස්වරු 5.30 සිට පැය 3ක පමණ කාලයක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *