ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ගිය බස් එකේ වෙඩි උණ්ඩ – ඉන්දියාවෙන් අනතුරුදායක පුවතක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක තිබී වෙඩි උණ්ඩ දෙකක් සොයා ගැනීමට චන්දිගාර් පොලිසියේ නිලධාරීන් සමත්ව ඇත.

ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් චන්දිගාර් හි ලලිත් හෝටලයේ සිට මොහාලි හි ආර් එස් බින්ද්‍රා ක්‍රිකට් ක්‍රීඩාංගනය දක්වා රැගෙන යාමට භාවිතා කරන පුද්ගලික බස් රථයක ගමන් මලු මැදිරියක තිබී සෙනසුරාදා සාමාන්‍ය පරීක්ෂාවකදී පොලිසිය විසින් වෙඩි උණ්ඩ දෙකක් සොයා ගන්නා ලදී.

හෝටල් සංකීර්ණය තුළ බස් රථය නවතා තිබියදීයි මෙම ගොඩගැනීම සිදුව ඇත්තේ.

මෙම පෞද්ගලික බස් රථය චන්දිගාර් සිට ක්‍රියාත්මක වන ටාරා බ්‍රදර්ස් වෙතින් කුලියට ගෙන ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *