රනිල්ගේ ගෙදර ගිනි තැබිමට හසුවූ තිදෙනා මෙන්න

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය, පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 19 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්,  කඩවත සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනක්ද සිටි පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලීසිය විසින්  තවදුරටත් විමර්ශන සිදුකරයි.

විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (09) රාත්‍රීයේ අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ඇතුළු වූ අතර පසුව ගිනි ගැනීම වාර්තා විය.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව ද රනිල් වික්‍රමසිංහ මහතා එම නිවසේ පදිංචි වී සිටි බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *