ඡන්දයට පෙර සහන ගොඩයි – උතුරට ඉල්ලන දේ දෙයි

ව්‍යවස්ථානුකූලව බලය ලැබුණු වහා ආණ්ඩුව විසුරුවා හැර මහමැතිවරණයකට යාමට තීන්දු කර ඇති ආණ්ඩුව ඒ වෙනුවෙන් දේශපාලන තුරුම්පු දෙකක් ගැසීමේ සූදානමකින් පසුවන බව වාර්තා වේ.

එහි පළමු තුරුම්පුව වී ඇත්තේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය.

එය ලබන ඔක්තෝබර් මස අවසන් සතියේ හෝ නොවැම්බර් මුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.

මේ හරහා විධායක ජනාධිපති ක්‍රමයේ යම් යම් වෙනස්කම් සිදු කිරීමටත්, උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබා දීමටත් සැලසුම් කර ඇති බව පැවසේ.

මීට අමතරව නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2023 වසර සදහා වූ අයවැය ලේඛනය මගින් ජනතාවට විශාල වශයෙන් සහන ලබා දීමටද ආණ්ඩුව තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.

මේ හරහා අහිමිවෙමින් යන ජනතා ප්‍රසාදය නැවත ආණ්ඩුවට ගෙන මහමැතිවරණයට යාම ආණ්ඩුවේ සැලසුම වී තිබේ.

2023 පෙබරවාරි 5 වන දින ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්ථානුකූලව බලය ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *