ඉන්දියාව සතුටු කරන්න ලංකාවේ ඡන්දයක්

රාජපක්ෂවරුන් මුල සිටම සිටියේ පළාත් සභා පවත්වා එය තවදුරටත් නඩත්තු කරගෙන යනවාට වඩා පළාත් සභා අහෝසි කිරීමටය.

එහෙත් දැනට ජිනීවා මානව හිමිකම් කොමිසම තුළ මතුවෙමින් පවතින තත්ත්වය යටතේ එසේ පළාත් සභා අහෝසි කරන තැනකට ගියහොත් ඉන්දියාව එය නොඉවසන බවත්, එවැනි තත්ත්වයක් යටතේ ජිනීවාහිදී ලංකාවට බරපතළ තත්ත්වයක් මතුවන බවත් රාජපක්ෂවරුන්ගේ තක්සේරුව වී තිබේ.

එමෙන්ම මෙවර ජිනීවාහිදී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත නොවන බවත්, ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් සිදුවනු ඇති බවත් ජිනීවාවලින් ලැබෙන ආරංචිමාර්ගවලට ආණ්ඩුවට තහවුරු වී තිබේ.

ලංකාව සම්බන්ධයෙන් ජිනීවාවලදී යෝජනාවක් සම්මත වී අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන සැසිවාරයේදීය.

ඒ අනුව සැප්තැම්බර් දක්වා ඉන්දියාව සමග ඉතා යහපත් ගනුදෙනුවක් පවත්වා ගැනීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ. එම නිසා සැප්තැම්බරයට පෙර කෙසේ හෝ පළාත් සභා මැතිවරණය පවත්වා එහි ප්‍රතිඵලය කුමක් වුවත් ඉන්දියාවේ සිත දිනාගැනීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *