රොෂාන් මහානාම ඉවත් වෙයි – අස්වීමේ ලිපියත් යවයි

පසුගිය වසරේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට (SLC) උපදෙස් ලබා දීම සඳහා පත් කළ උපදේශක කමිටුවෙන් ජනවාරි 21 වැනිදා සිට රොෂාන් මහානාම ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

එම කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා වන අතර කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් සෙසු සාමාජිකයින් වේ.

පසුගිය කාලයේ ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු, පුහුණුකරුවන් පත්කිරීම් සහ පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් තීරණ රැසක් ගනු ලැබුවේ උපදේශක කමිටුවේ නිර්දේශ මතයි.

පෞද්ගලික හේතුවක් මත තම තීරණය ගත් බව මහානාම දන්වා ඇතැයි ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කිරීමට අකමැති බව වරදවා වටහා නොගත යුතු බවද ඔහු විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් කර ඇති බව ක්‍රිකට් ඒජ්‍ අඩවිය වාර්තා කොට තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *