වෙන්දේසියකදී අලෙවි වූ හිට්ලර්ගේ අත් ඔරලෝසුව

ජර්මනියේ හිටපු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් භාවිත කළ බවට පැවසෙන අත් ඔරලෝසුවක් අමරිකාවේ මේරි ලෑන්ඩ් ප්‍රාන්තයේ පැවති වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 1 යි දශම 1කට නැතහොත් යුරෝ 900,000කට පසුගියදා අලෙවි වී ති‌බේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අත් ඔරලෝසුවේ AH නමින් අකුරු දෙකක් ද සටහන්ව ඇති බවයි. එසේම එහි ස්වස්තිකය සහ නාසි රාජාලියා ද දක්නට ලැබේ.

කෙසේ වෙතත්, මෙම වෙන්දේසිය යුදෙව්වන් විසින් හෙළා දැක තිබේ. යුදෙව් නායකයින් 34 දෙනෙකුගේ අත්සනින් යුතුව විවෘත ලිපියක් මගින් මේරිලන්ඩ් පදනම් කරගත් වෙන්දේසි ආයතනයක් වන ඇලෙක්සැන්ඩර් ඓතිහාසික වෙන්දේසියෙන් ඉල්ලා සිට ඇත්තේ මෙම අත් ඔරලෝසුව අලෙවි නොකරන ලෙසයි. එහෙත් වෙන්දේසි ආයතනය ජර්මානු මාධ්‍ය වෙත පැවසුවේ ඉතිහාසය සුරැකීම එහි අරමුණ බවයි.

මෙම ඔරලෝසුව 1933 වසරේ දී උපන්දින තෑග්ගක් ලෙස එය නාසි නායකයාට ලැබුනු එකක් බව සදහන් වේ.

ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ 1933 වසරේ සිට 1945 දක්වා පාලකයා ලෙස කටයුතු කළ අතර මිලියන 6කට අධික යුදෙව්වන් ඝාතනය කළ නායකයෙකු බවයි ඉතිහාසගතව ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *