පළාත් සභා මැතිවරණය පවත්වන දිනය මෙන්න – ඉන්දියාවට ලංකාවෙන් පණිවිඩයක්

කෙසේ වෙතත් ඇමෙරිකානු සංචාරයේදී විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සමග දීර්ඝ සාකච්ඡාවක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි.

එහිදී දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳවද, උතුර – නැගෙනහිර වාර්ගික අර්බුදයට විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන්ද, දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳවද දෙදෙනා අතර සාකච්ඡා වූ බවත් මාධ්‍ය වාර්තා කොට තිබිණි.

මෙහිදී ජී.එල්. පීරිස් ලබන වසර මුලදී උතුර නැගෙනහිර ඇතුළුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසියම් සහතිකයක් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබාදී ඇති බවක්ද ආරංචිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *