ගෝඨාභයට කිසිදු වරප්‍රසාදයක්, මුක්තියක් ලබා දී නැහැ – සිංගප්පූරුව කියයි

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේදී කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් හිමි නොවන බව එරට විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් පවසා ඇත.

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

සිංගප්පූරු රජය සාමාන්‍යයෙන් හිටපු රාජ්‍ය නායකයින්ට හෝ රාජ්‍ය ප්‍රධානීන්ට වරප්‍රසාද, මුක්තිය හෝ ආගන්තුක සත්කාර ලබානොදෙන බවත් හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබානොදුන් බවත් එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

රට තුළ හටගත් විරෝධතා හමුවේ 73 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා මාලදිවයින වෙත ගමන් කර අනතුරුව සෞදි අරාබියානු ගුවන් යානයකින් සිංගප්පුරුව වෙත පසුගිය ජූලි මස 14 වනදා පැමිණි අතර එහිදී ගෝඨාභය රාජපක්ෂට දින 14ක කාලයක් සංචාරක වීසා හිමි විය. එය පසුගියදා තවත් දින 14ක් සඳහා දීර්ඝ කෙරුණු අතර ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබන 11 වනදා දක්වා සිංගප්පූරුව තුළ රැඳී සිටීමට අවසර හිමිව ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *