පෙට්‍රල් රුපියල් 35කින්.. ඩීසල් රුපියල් 24කින් – ඉන්ධන මිල වැඩි කරන්න යැවූ ලිපිය මෙන්න

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් භාවිතා කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට ලක් වනු ඇති බැවින් කඩිනමින් ඉන්ධන මිල වැඩි කළ යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

පසුගිය දෙසැම්බර් 10 වැනි දින ලිපියක් මගින් ඔහු දන්වා දී ඇත්තේ පෙට්‍රල් රුපියල් 35ක්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වහාම වැඩි කළ කර ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට පියවර ගත යුතු බවකි.

කෙසේ නමුත් මෙම ලිපිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *