දුමින්ද සිල්වා යළි මහජන සේවාවන් ඇරඹි අයුරු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිය මහජන සේවාවන් ආරම්භ කර තිබෙනවා.

ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක පානදුර, වාද්දුව “සිබ්‍රිස් හෝම්ස්” මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඔහු එහි ගොස් තිබෙනවා.

අවසන් අදියරේ පවතින මෙම මහල් නිවාස යෝජනා ක්‍රමයේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී පවතින ගැටළු, එය මඟ හරවා ගනිමින් මෙම වසර අවසන් වීමට පෙර එහි වැඩ අවසන් කර ජනතාව භාර දීමට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කර අවශ්‍ය කටයුතු හැකි ඉක්මනින් සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ නිවාස 196 කින් සමන්විතය.

මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික ගවේෂ කල්පන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *