හෙට සිට පෞද්ගලික බස්රථ නවතින ලකුණු

හෙට (04)  සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ බස් රථ ධාවනය සඳහා ඉන්ධන නොමැති වීම ඊට හේතුව බවයි.

කෙසේ වෙතත් උපරිම ධාරිතාවයෙන් යුතුව ලංගම බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *