අරගලයේ දී දෙතොල් සිපගත් ඡායාරූපයේ ‘පිටුපස කතාව’

අරගලය අතරතුර පසුගිය 13වැනිදා සමාජ මාධ්‍යයේ සංසරණය වුනු එක්තරා ඡායාරූපයකට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා. තරුණ ජෝඩුවක් දෙතොල් සිපගන්නා මේ ඡායාරූපයට බොහෝ දෙනෙක් ආදරණීය ප්‍රතිචාර දක්වා තිබුණා වගේම තවත් පිරිසක් ‘අරගලය හෑල්ලු කළා’ යනුවෙන්, චෝදනා එහෙමත් කරලා තිබුණා.

ඇත්තටම මේ ඡායාරූපයේ ඉන්නෙ කවුද? කියන ප්‍රශ්නය ගොඩක් දෙනෙක් අහන්න පටන් ගත්තා.

ඒ හාදුවේ ‘පිටුපස කතාව’ නිළි සමනළි ෆොන්සේකා ඇයගේ ෆේස්බුක් ගිණුමට එකතු කර තිබුනා.

ඒ ‘හාදුවේ අයිතිකාරයා’ම කියපු කතාව.

“අපිත් ආසයි එහෙම දෙන්න. එහෙම නිදහසේ ජීවත් වෙන්න. රටක තොටක ඇවිදල එන්න. ඒත් කවුරුවත් අහන්නෙ නෑ උදේ 10.30 ඉඳන් කඳුලු ගෑස් කාල කාල තෙරපිලා උඩ ගිහින් අර සඳළුතලේ උඩ, ඒකෙත් වැට උඩ ඉඳන් සෙනග තෙරපෙද්දි ඔක්කොම shoot කරල photos අරගෙන අපි කොච්චර මාරුවෙන්ද කැමරා දෙකක්, බෑග් දෙකක් එක්ක ඒක ගත්තෙ මතකයට සහ ඒ අරගලය ගැන ඇස් දෙකෙන් දැක්ක මොකක්දෝ වෙනස් හැඟීමක් එක්ක. ඒ වගෙම දවල් 12ට කඳුලු ගෑස් ගහන්න පටන් ගද්දි මම වම් ගේට්ටු කණුවෙ. මධුනි දකුණු ගේට්ටු කනුවෙ. එයා වීඩියෝස් ගන්නව මම ෆොටෝස් ගන්නව. මම දැක්ක එවෙලෙ දුම අස්සෙන් බිම වැටෙනව. ඒත් හොයාගන්න බැරි වුණා. පැය දෙකකට පස්සෙ මධුනිව ආයෙ හොයාගත්තෙ. ඉතිං ඒ ෆොටෝ එක මම ෆේස්බුක් දැම්මෙත් ඒ වෙනස් හැඟීමට මිසක් වයිරල් කරගෙන ලෝකෙට පේන්න නෙමෙයි. ඇත්තටම අපි අපේ ෆොටෝස් නොදාපුම තරම්. කොටින්ම ලේකම් කාර්යාලයෙ උඩටම ගිහින් 4K shoot කෙලේ අපි දෙන්න. කවද හරි ඉතිහාසයට ඒව ඕන වෙයි කියල. ඇත්තටම ඉතිං මේක ජොලියට දාපු එකක්. මම දැක්ක ගොඩක් මිනිස්සු දාල තිබ්බ කිස් ගැන අරගලේ කක්කි කලා වගෙ කතා. එලිපිට අපිව මරන්න ඕන කියද්දි, 2011 ඉඳන් ගෝටට රනිල්ට නඩු දාන්, පත්තරේ ලියන්, පාරට බැහැල උද්ඝෝෂණ කරගෙන, උන්ගෙ මිනීමැරුම් හෙලි කරන්, පොත් ලියන් වගෙම මිරිහානෙ ඉඳන් අද වෙනකම් ඉන්නවද අහන්න එකෙක් නෑ. කොටින්ම අතින් වියදම් කරගෙන තේ කෝප්ප 50000කට එහා දුන්න නේද කොච්චර නිදි මැරුවද, මේ ගන්න footages මොකද වෙන්න අහන්න එකෙක් නෑ. පම්පෝරි ගහන්න ඕනත් නැති නිසා කිස් දීපු කටේ දත් මැදලත් ඉවරයි මම. තවම මිනිස්සු අපිව නොදැන ඉතින් කතා කියනව. එහෙම තමයි මිනිස්සු. අපි ඉතිං ඒවට තරහක් නෑ. ජන්ද ඉල්ලන්නවත් කැපිල පේන්නවත් අවශ්‍යතාවක අපි නෑ. ඉතිං උපේක්ෂාවෙන් මේ ඔක්කොම බාර ගන්නව…!”

Love you both brave and beautiful people Kasun Pussewela & Madhuni Alahackone Pussewela ❤️🌹😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *