ෂැංග්‍රිලා හෝටලයේ සුපිරි මගුලක් – විශේෂ කාමරයක මහින්ද-සාගල-ජොන්ස්ටන්ර හස් සාකච්ඡාවක්

ගාලු මුවදොර පිහිටි සුපිරි ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ රාත්‍රියේදීද සුපිරි විවාහ මංගලෝත්සවයක් පැවැත්වී ඇත.

ප්‍රකට ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකුගේ විවාහයක් වූ ඊට ප්‍රකට ව්‍යාපාරිකයන් මෙන්ම ප්‍රබල දේශපාලඥයන්ද සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකි විය.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මංගල උත්සවය පැවැත්වුණු ශාලාවට යාබදව පැවැති VIP කාමරයක විශේෂ දේශපාලන සාකච්ඡාවක්ද පැවැත්වීමය.

ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක සාගල රත්නායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් එක්ව සිටියහ.

මෙම සාකච්ඡාව පැය එකහමාරක් පුරා පැවැති අතර ඒ සියලු දෙනා රාත්‍රී භෝජන සංග්‍රහයද එහිදීම ගත් බව දැනගන්නට ඇත.

එමෙන්ම අද දිනයේදීද දේශපාලඥයන් සහභාගී වන තවත් සුපිරි මංගල උත්සවයක් ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *