වාහන අංක තහඩුවලත් වෙනසක්

2023 ජනවාරි මස 1 වන දින සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් සඳහන් නොවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ, රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවය.

මේ අතර 2023 වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *