වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට

මැයි 9 වැනිදා ගලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධියට සම්බන්ධව පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිවරිය වන වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙක් පොලීසිය විසින් ඊයේ(31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසන්තා හඳපාන්ගොඩ නැමැති කාන්තාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටිමින් පසුගිය කාලය පුරාවට ගුරු ඉල්ලීම් හා ගුරු වෘත්තීය අරගල සියල්ලට අකුල් හෙළමින් කටයුතු කළා.

පොලිසිය පවසන්නේ සිද්ධියට අදාල ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ඇය අද (01) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

පසුගිය මැයි 09 වනදා මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීමේ අවසන් රැස්වීම සඳහා ඇය ද අරලියගහ මන්දිරයට පැමිණ තිබූ අතර පසුව ගෝඨාගෝගමට පහරදීමෙන් අනතුරුව පුරවැසියන් විසින් ඇයව අල්ලාගෙන මහමඟදී පහරදී තිබුණා.
වසන්තා හඳපාන්ගොඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මොරටුව නගරාධිපතිවරයාගේ පුතා, කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් සහ මොරටුව නගර සභා සේවකයින් තිදෙනෙක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *