ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා දිවයිනට

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියාට මෙරටට පැමිණීමට සිදුකළ ආරාධනය පිළිගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ඔහු ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කරනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

තමන් සමඟ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා ඊයේ සිදුකළ සාකච්ඡාවකදී මෙම ආරාධනාව කළ බව ට්විටර් සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත.

ලෝක ආහාර සංවිධානය ශ්‍රී ලංකාවට දක්වන සියළු සහයෝගයන් සම්බන්ධයෙන් අගය කරන බවද අග්‍රාමාත්‍යවරයා එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *