රේගු තදබදයට හේතුව මෙන්න

රේගු තදබදය පිටුපස වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළේය.

“ලංකාවට විදේශයන් රටවලින් එන හැම කන්ටේනර් එකක්ම කාණ්ඩ තුනකට වැටෙනවා. දැඩි අවධානම් ඒවා අනිවාර්යෙන්ම භෞතික පරීක්ෂාවට ලක් කරනවා. කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා රේගුව පැය 24ම වැඩ. දැන් මේ තදබදයට ප්‍රධාන හේතුවක් වෙනවා සිංහල අවුරුද්ද සහ වෙසක් උත්සව ආපු නිවාඩුව. නමුත් තව නිර්මාණය වෙච්ච තත්ත්වයක් පෙනේන්නට තිබෙනවා කියලා මට වාර්තා වුණා. තදබදයක් ඇති වුණ ගමන් මට පිටත තිබෙන යාර්ඩ්වලට යවා ගැනීමේ ප්‍රවණතාවයක් ඇතිවෙනවා. ඒ පිටතට ගෙනියනවා කියන්නේ ඉතා පහසුවෙන් අයථා ක්‍රියාකිරීමට ඉඩක් ලැබෙනවා. ඒවට නම් ඉඩ දෙන්නේ බෑ. මේ සියල්ලම ගැන අපි හොයාබලනවා. මම මේ වනකොට ජනාධිපතිවරයාගේ නියමයෙන් වාර්තාවක් සකස්කරමින් යනවා, මැයි මාසේ 31 වනදා වාර්තාව භාරදෙනවා. අපි යම්කිසි අලුත් ක්‍රමයක් හොයා ගන්නකොට ඊට වැඩිය අලුත් ක්‍රමයක් හොයා ගන්නවා වැරදි කරන්න. ඒ නිසා අපිට ඒවට ඉඩදෙන්න බැහැ.”  

මේ අතර වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රධානියා ඇතුළු එහි නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡාවක් කොළඹදී පැවැත්විය.

එහිදී වෘත්තිකයන්ට බලපාන බදු ගැටලුව ඇතුළු කරුණු රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *