රටට ඩොලර් ගේන්න අවස්ථාවන් විවෘත කරලා දෙන්න – නැතිනම් මිය යන මිනිස් ජීවිතවල වගකීම ආණ්ඩුව ගත යුතුයි – වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන

අද වන විට ඖෂධ හිගය නිසා රෝහල්වලට යාමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවත්, ඉන්ධන ගෙන්වීමට නොහැකිවීම නිසා දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල්වී ඇති බවත්, මෙයට විසදුමක් ලෙස රටට ඩොලර් ගෙන ආ හැකි ක්‍රමවේදයන් සදහා අවස්ථාව ලබාදිය යුතු බවත් කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුවේ කැදවුම්කරු වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා පැවසුවේය.

ඖෂධමය ගුණයකින් යුත් ආහාර අතිරේක මේ වන විට නිෂ්පාදනය කර ඇති බවත්, ඒවා විදේශ රටවලට අපනයනය කර රටේ ජනතාව ජීවත් කරවිමට අවශ්‍ය ඩොලර් රටට ගෙන ආ යුතු බවත් ගාල්ලේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන කීවේය.

මේ අවස්ථාවේදී ජනතාව ජීවත් කරවීමට අවශ්‍ය ඖෂධ හා ඉන්ධන මිලදී ගැනීම සදහා අවශ්‍ය ඩොලර් රටට ගෙන ඒමට අවස්ථාව ලබා නොදෙන්නේ නම් මිය යන මිනිස් ජීවිතවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බවද වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන කීවේය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මෙසේද කීවේය.

අද රටේ ඇතිවෙලා තියෙන තත්වය ගැන හැමෝම දන්නවා. ප්‍රධාන පුවත්පත්වල කතු වැකි බැලුවොත් හැම තැනම මිනිස්සු පෝලිම්වල මිය යනවා, අම්මලා දරුවන්ට වස පොවනවා කියලා වාර්තා කරනවා.

මේ රටේ සරු පස් තබුණා. මුතු මැණික් තිබුණා. සියල්ලෝම එකතුවෙලා මේවා විනාස කළා. දැන් මිනිස්සු ඉල්ලන්නේ වෙන කිසිවක් නෙමෙයි. ජීවිතය. හැමෝම එකතුවෙලා මිනිස්සුන්ට ජීවිතය ලබාදෙන්න.

දැන් පෝලිම්වල මිනිස්සු තැන තැන මිය යනවා. අම්මලා දරුවන්, ජීවිතය බේරාගන්න බැරිය කියලා අම්මලා දරුවන්ට වස පොවන තැනකට ඇවිත් තියෙනවා. මේවා අද වන විට පුවත්පත්වලින්, මාධ්‍යයෙන් වාර්තා කරලා තියෙනවා. මේ තත්වයට හේතුව වෙලා තියෙන්නේ රටට ඉන්ධන නැව් එන්නේ නැති එක.

අද වන විට පාසල් පද්ධතිය වහලා දාලා. දරුවන්ට පසුගිය වසර කිහිපයේම ඉගෙන ගන්න ලැබුණේ නෑ. මේ දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ? මේකට බලපාල තියෙන්නේත්, විදුලි කප්පාදුවට බලපාලා තියෙන්නේත් ඉන්ධන ප්‍රශ්ණයයි. මිනිස්සු පෝලිම්වල මැරෙන්නේත් ඉන්ධන ප්‍රශ්ණය නිසා.

රජයක් ඉන්නේ මේ ප්‍රශ්ණ විසදන්න. මේවා විසදන්නේ නැතිව ආණ්ඩුවක් අහවල් එකද කරන්නේ. මිනිස්සු කතා කරනකොට ඒ අය මර්දනය කරනවා

අද රෝහල්වලට යන්න බෑ, ඖෂධ හිගයක් තියෙනවා. සමහර ඇමැතිවරු එළියට ඇවිත් ඖෂධ හිගයක් නැහැ කියලා තියෙනවා. ඇමැතිවරු හිගයක් නැහැ කියලා කියන ඖෂධ තියෙන්නේ කොහේද? තමන්ගේ ගෙවල්වල, එහෙම නැතිනම් තමන්ගේ ගබඩාවලද ඒ ඖෂධ තියෙන්නේ? හැම රෝහලකටම ගියාම, ඕනම වෛද්‍යවරයෙක් ඖෂධ හිගයේ තරම කියාවි.

ගබඩාවල තියෙන ඖෂධ තියෙනවා නම් ඒවා එළියට දාන්න. එහෙම නැතිවුනොත් හෙට අනිද්දා වනව විට බෙහෙත් නැතිව දරුවන්, වැඩිහිටියන් දිගටම මැරෙන්න ගනීවි.

මේ අර්බුද සියල්ලටම හේතුවුනේ ඩොලර් නොමැතිකම. ඒකට හේතුව වුනේ කාලයක් තිස්සේ හොරකම් කිරීම නිසයි. මිනිස්සු ඉල්න ජීවිතය ලබාදීමට හොරා කෑම නතර කරලා පරිපාලනය හරි කෙනෙක්ට ලබාදෙන්න. එහෙම නැතිව මේ මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.

කොරොනා කාලයේදී මොන චෝදනා කළත් අපි මිනිස්සු එක්ලක්ෂ විසි දහසකගේ ජීවිත ආර්ක්ෂා කළා. ඊට පස්සේ මිනිසුන්ගේ ශරීරයට ආපු විස නැති කිරීමටත් නිශ්පාදන ගෙනාවා. අපේ නිෂ්පාදන ලංකාවෙන් පිටත ඉන්න වෛද්‍යවරු පවා භාවිතා කරනවා.

ඕනම අදුරු වලාවක රිදී රේඛාවක් තිබෙනවා වගේ අපි ඖෂධ ගුණයකින් යුත් ආහාර අතිරේක නිෂ්පාදනය කළා. ශ්‍රී ලාංකිකයින්ට නව බලාපොරොත්තුවක් දෙමින්, ප්‍රතිජීවික ඖෂධවලට වඩා ප්‍රභලත්වයකින් යුත් ඔෂධීය ගුණයකින් යුත් ආහාර අතිරේක අපි නිෂ්පාදනය කරලාතියෙනවා. අපි ඒ සදහා ජාත්‍යන්තර වාර්තා ලබාගෙන තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් සහතික ලබාගෙන තිබෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා බැක්ටීරියාවන්ට එරෙහිව කටයුතු කළ හැකි ඖෂධීමය ගුණයෙන් යුත් ආහාර අතිරේක අපි නිෂ්පාදනය කළා කියලා පිළිගෙන තිබෙනවා. මේවාට අනුමැතිය ලබාදීම කල් දාන්න එපා. වහාම අනුමැතිය ලබාදෙන්න. මේ වගේ නිෂ්පාදන විදේශ රටවලට යවලා රටට ඩොල් ගේන්න පුලුවන්.

මෙහෙම ගේන ඩොලර් අපි කන්න භාවිතා කරන්නේ නෑ. රටේ ජනතාවට අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට, ඖෂධ ගෙන්වීමට තමයි අපි මේ මුදල් භාවිතා කරන්නේ.

ග්‍රෑම් නෙගෙටිව්, ග්‍රෑම් පොසිටිව් බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියාත්මක කරන්න පුලුවන් ඖෂධීමය ගුණයෙන් යුත් ආහාර අතිරේක නිෂ්පාදනය කරලා ලෝකයට අපි පණිවුඩයක් ලබාදෙනවා. ශ්‍රී ලාංකිකයි බිය වෙන්න එපා, ඉදිරියේදී ප්‍රතිජීවික ඖෂධ නැතිවුනොත් ඒ සදහා භාවිතා කළ හැකි ඖෂධමය ගුණයෙන් යුත් ආහාර අතිරේක අපි නිෂ්පාදනය කරලා ඉවරයි. මුඛ මාර්ගයෙන් ලබාගත හැකි මෙය ඉදිරියේදී අයි.වි. තත්වයට පත් කිරිමට කටයුතු කරනවා.

මේවා ජාත්‍යන්තරයට යවලා ඩොලර් එවීමට අපි කටයුතු කරනවා. ඖෂධීමය ගුණයෙන් යුත් මෙම ආහාර අතිරේක විදේශ රටවලට යවලා ඩොලර් මේ රටට ගෙන්විමට අවශ්‍ය කටයුතු කරන්න. පාරේ මිනිස්සුන්ට මැරෙන්න ඉඩ දෙන්න එපා. කවුරු මොනවා කිව්වත් අපි අපේ කාර්යය ඉටු කළා. ප්‍රතිජීවක ඖෂධ නැති බව කියමින් මේ රටේ මිනිස්සුන්ට මැරෙන්න අපි ඉඩ දෙන්නේ නෑ. අපි නිර්මාණය කළ ආහාර අතිරේක වගේ නිෂ්පාදන කරලා රටට ඩොලර් ගේමු.

මේවාට සවන් දීලා, රටට වැඩි වශයෙන් ඩොලර් අරගෙන එමු. මිනිස්සු ඉල්ලන්නේ ජීවිතය. අත්‍යවශ්‍ය ඖෂධ, තෙල් ටික ගේන්න පුලුවන් හැම ක්‍රමයක්ම සකස් කරන්න. කවුරුන් හෝ ඩොලර් ගේනන ඉදිරිපත් වෙනවා නම් ඔවුන්ට උදව් කරන්න. ඉදිරියේදී මීට වඩා ප්‍රභලව හඩ නගනවා. මේ දේවල් නොකළොත් පාරට බැහැලා සටන් කරන බවට පණිවුඩය දකුණු පළාතේ සිට අපි ලබාදෙනවා. එසේ නොවුනොත් මේ මිය යන හැම කෙනාගේම ජීවිතවල වගකීම පාලකයින් භාරගත යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *