මාලිංග වෙල්ලාලට දුන්නු සර්ප්‍රයිස් එක

මෙවර පැවති ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින තරාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ දුනිත් වෙල්ලාලගේය.

ඒ හේතුවෙන් මාලිංග ඔහුට අපූරු තෑග්ගක් ලබා දී තිබේ.

ලසිත් මාලිංග කියන්නෙ පුදුමාකාර ක්‍රීඩකයෙක්. පුදුමාකාර mindset එකක් තියන මනුස්සයෙක්. ඊයෙ තරගය ඉවරවෙලා මාලිංග, ලංකාවෙ අලුත්ම තරුව උන, තමන් ගහපු පළමු තරගාවලියෙම වැඩිම කඩුළු ලාභියා වෙච්ච දුනිත් වෙල්ලාලගේට පුදුමාකාර සමරුවක් තෑගි කරනවා. ඒ එදා දුනිත් පළමු විකට් එක ගත්ත පන්දුව.

එදා ඒ ඔසී එක්ක තිබ්බ පළමු එක්දින තරගෙ ඉවර වෙලා මාලිංග මේ පන්දුව ලබාගෙන, එදා දුනිත්ගෙ පළවෙනි විකට් එක උන ස්ටීවන් ස්මිත්ගෙ අත්සන් වගේම අම්පයර් කරපු දෙන්නගෙ විශේෂයෙන් ම කුමාර් ධර්මසේනගෙත් අත්සනත් අරගෙන අවසන් තරගය වෙනකන් ඉඳල තියනව දුනිත්ට මේ සප්‍රයිස් එක දෙන්න.

ඉතින් අන්තිමේට දුනිත්ට මේක දෙද්දි මාලිංග දුනිත්ට කිව්වෙ එදා තමන්ගෙ පළවෙනි මැච් එකෙත් ඇඩම් ගිල්ක්‍රිස්ට් ඇවිත් මාලිංගට ස්ටම්ප් එකක් දුන්නලු ඔයා ඉස්සරහට ලොකු දෙයක් කරයි කියලා. ඒත් ඒ දවස් වල ඒ සමරුව වැඩිය ගානක් නැති උනත් දැන් ඒක මාර විදිහට දැනෙනව කියන මාලිංග දුනිත්ටත් මේ සමරුව තව අවුරුදු ගානකින් ලොකුවටම දැනෙයි කියල කියන ගමන් ඔහුට ලංකාවට ලොකු දෙයක් කරන්න ලැබෙයි කියලත් ප්‍රාර්ථනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *