බැසිල් රෝහල්ගත කෙරේ

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගත කර තිබෙනවා.

ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ රෝහල් ගත වූ හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මුදල් අමාත්‍ය ධූරයේ සිටි බැසිල් රාජපක්ෂට ජනතාවගෙන් එල්ලවූ දැඩි විවේචන හා උද්ඝෝෂණ හේතුවෙන් ඔහු එම තනතුරින් ඉල්ලා අස්වුණා.

පසුව ඔහු පසුගියදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වීමට කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *