පොසොන් පොහොය අදයි

බෞද්ධ ජනතාව ඉමහත් බැතියෙන් සමරන පොසොන් පොහොය අදට යෙදී තිබෙනවා.

මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස මිහින්තලාව පුද භුමියට වැඩම කර දේවානම්පියතිස්ස රජුට ධර්මය දේශනා කර මෙරට තුල බුදු දහම ස්ථාපිත කිරීම පොසොන් පොහොයේ දිනයේ ප්‍රධාන වැදගත්කමයි.

මෙය බෞද්ධ ඉතිහාසයේ හැදින්වෙන්නේ මහින්දාගමනය යනුවෙන්. මිහිදු හිමි වැඩම කරන අවස්ථාව වන විට දේවානම්පියතිස්ස රජු මුව දඩයමේ නිතර වෙමින් සිටියා.

මිහිදු හිමි දේවානම්පියතිස්ස රජුට ධර්මය දේශනා කිරීමට පෙර ඔහුගේ නුවණ මැන බැලීම සදහා මිහින්තලා පුද බිමේ වූ අඹ ගසක් ආශ්‍රීතව ප්‍රශ්ණාවලියක් යොමුකල අතර ඉන් අනතුරව නෑසියන් පිළිබද ප්‍රශ්ණාවලියක් යොමුකළා.
දේවානම්පියතිස්ස රජු එම සියළු ප්‍රශ්ණ සදහා නිසි පිළිතුරු ලබාදීමෙන් අනතුරුව මිහිදු හිමියන් චුල්ල හත්ථි පදෝපම සූත්‍රය දේශනා කරනු ලැබුවා. මහින්දාගමනයෙන් අනතුරුව මෙරට තුල ස්ථාපිත වූ බුදු දහම දශක ගණනාවක කාළයක් මෙරට තුල පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *