තායිලන්තය ගංජා වෙළෙඳාම නීතිගත කරයි

තායිලන්තය ගංජා වගාව සඳහා අවසර ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව තායිලන්තයේ තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ගංජා ඉවත් කිරීමෙන් පසු තායිලන්තයේ වැසියන්ට දැන් සිය නිවාසවල ගංජා පැල වගා කර එය විකිණීමට හැකිය.

ගංජා අලෙවියටද තිබූ බාධා ඉවත් කිරීමට තායිලන්ත රජය පියවර ගෙක ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැඩි මත්ද්‍රව්‍ය නීති සඳහා ප්‍රසිද්ධ කලාපයක් වන අග්නිදිග ආසියාවේ මෙවැනි තිරණයක් ගත් පළමු රට වන්නේ තායිලන්තයයි. කෙසේ වෙතත් විනෝදාස්වාදන ක්‍රියාවක් වශයෙන් ගංජා පානය කිරිම තවදුරටත් තහනම් වේ. ඖෂධීය, සංචාරක සහ කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් ගංජා වගාව සඳහා ඉඩ පවති.

එසේම දේශීය ගංජා වෙළඳාමක් සංවර්ධනය කිරීම කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය නංවනු ඇතැයි තායිලන්ත රජය අපේක්ෂා කරයි.

එය ලබා ගැනීම දිරිමත් කිරීම සඳහා එරට පුරවැසියන්ට ගංජා පැළ මිලියනයක් පවා ලබා දීමට සැළසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *