ණය බරට ජීවිතයෙන් වන්දි ගෙවූ පුංචි සචින්ත

මවක විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සැලැස්වීමෙන් අනතුරුව රෝහල්ගත කර සිටි පුතු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නාල්ල පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ, තලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ඒ. පේෂාන් සචින්ත නැමැති පස් හැවිරිදි දරුවෙකි.

අප කළ විමසීමකදී නාල්ල පොලීසිය පැවසුවේ, දරුවන් දෙදෙනාට වස පානය කිරීමට දී මව ද වස පානය කර ඇති බවය.

මේ වනවිට මව අසාධ්‍ය තත්ත්වයෙන් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන අතර 8 හැවිරිදි දියණිය ද අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.

වස පානය කළ කාන්තාවගේ ඥාතීන් සඳහන් කර ඇත්තේ අදාළ කාන්තාව බොහෝ ණය වී සිටි අයෙක් බවය.

කෙසේවෙතත් මේ වනවිට නාල්ල පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *