ඩොලර් නැති නිසා ලංකාවට ‘ වනිදුගේ දස්කම් ‘ බලන්න බෑ

IPL තරඟාවලියේ ඊයේ (30) පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් හා කොල්කලා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර තරඟයෙන් රෝයල් චැලෙන්ජර්ස් පිලට කඩුළු 3 ක ජයක් අත්විය.

මෙය ශ්‍රී ලංකාවේ අපට ද වැදගත් වූ තරඟයකි. මක් නිසාද යත් මෙවර IPL තරඟාවලියේ ඉහළම ලංසුවකට හිමිකම් කී ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග මෙම තරඟයෛ් වීරයා සම්මානයට පාත්‍රවීම නිසාවෙනි. ඔහු තරඟයේ දී ලකුණු 20කට කඩුළු 4 ක් දවා ගැනීමට සමත්විය.

කෙසේවෙතත් වනිඳුගේ මෙම දස්කම් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට නැරඹීමේ අවස්ථාව අහිමි වී තිබුණේ, තරඟය පැවති වේලාවේ දී දිවයිනේ ප්‍රදේශ ගණනාවකම විදුලිබලය කප්පාදු කර තිබීම නිසාම පමණක් නොව ‌පවතින ඩොලර් අර්බුදයේ තවත් අතුරු කතාවක් ද ගෙනහැර පාමිනි.

IPL තරඟාවලිය මෙරට විකාශය කෙරෙන්නේ ස්ටාර් ස්පෝට්ස් නාලිකා හරහා යි. එම ජාලයේ නාලික 3ක් නැරඹීමේ හැකියාව මෙරට ප්‍රේක්ෂකයින්ට ලැබී තිබුණ ද IPTV සේවා සපයන සමාගමක් ඊයේ (30) දින නිවේදනය කර තිබුණේ, විදේශ මුදල් සංක්‍රාම සිදුකිරීමේ දී මුහුණ පෑමට සිදුව ඇති සිය පාලනයෙන් බැහැරව පවත්නා දුෂ්කරතා හේතුවෙන් නාලිකා හවුල්කරු විසින් එම නාලිකාවන් හි විකාශන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවයි.

මෙය පවතින විදේශ විනිමය අර්බුදයේ තවත් අතුරු ප්‍රතිඵලයකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *