ජස්වර් උමාර්ගේ ඉල්ලීමට පාපන්දු තහනම කල් දමයි

ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපහි ජියානි ඉන්ෆන්ටීනෝ සහ ජස්වර් උමාර් අතර විශේෂ හමුවීමක් මේ සතියේ පැවැත්විණි .
එහෙදි ශ්‍රී ලංකාවේ පාපන්දු අර්බුධය ගැන පුළුල්ව සාකච්ඡා කෙරුණි .

මෙම අර්බුධය නිර්මාණය කර තිබෙන්නේ කුඩා පිරිසක් විසින් මිස ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීමකින් නොවනබව මෙහිදී කරුණු ඉදිරිපත් වී තිබෙනවා.

නිලවරණයකින් ජය ලබන්න බැරි ඉතා කුඩා පිරිසක් විසින් ලාංකීය පාපන්දු ක්‍රීඩාව විනාශ කිරීමේ අරමුණින් කුමන්ත්‍රණය කරන ආකාරය මුළු රටම දැන් අවබෝධ කරගෙන ඇති බවත් මෙම කුඩා පිරිස පිටුපස පාපන්දුවේ හිටපු ප්‍රබල චරිතයක් සිටින බව මුළු ලෝකයටම අනාවරණ වී ඇති බවත් ජස්වර් උමාර් සඳහන් කරනවා.

ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය (FIFA)ජස්වර් උමාර්ගේ ඉල්ලීම පරිදි පාපන්දු ක්‍රීඩාව තහනම් කිරීම ප්‍රමාද කරන බව මෙම සාකච්ඡාවේදී සඳහන්ව ඇති අතර තව සතියකින් ක්‍රීඩා අමාත්‍යවරයා සමග සාකච්ඡා කර මෙම අර්බුදය විසදන බව ජස්වර් උමාර් මහතා FIFA සභාපතිට පොරොන්දු වී තිබෙනවා.

තමාට ලීග 52 ක් සහයෝගය දෙන අතර , ප්‍රතිවාදී කණ්ඩායම සමඟ සිටින්නේ ලීග 9 ක් පමණක් බවයි ජස්වර් උමාර් පෙන්වා දී ඇත්තේ.

මේ වනවිට අභියාචනාධිකරණයේ නඩුවක් පවරා නීති මාර්ගයෙන් සහන පතා ඇති අතර 2/3 බහුතර ලීග මේ නඩුවට අතුරු පාර්ශවයක් ලෙස මැදිහත්වී කඩිනම් නිලවරණයක් ඉල්ලා සිට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *