ගම්පහ ප්‍රබලයා පැවත්වූ සාදයෙන් ජනාධිපති විනාඩි 10න් නැගිට යයි

ගම්පහ ප්‍රබලයකු විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සදහා පැවැත්වූ සාදයට පැමිණි ජනාධිපති විනාඩි 10කින් නැගිට ගොස් ඇත.

ඊට හේතු වී ඇත්තේ මන්ත්‍රීවරුන් 107 දෙනෙකුට ආරාධනය කර තිබුණත් පැමිණ සිටියේ 30කටත් වඩා අඩු ප්‍රමාණයක් බැවිනි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 107 සාශය සදහා සහභාගීවීම තහවුරු කර තිබිණ.හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙයට සහභාගී වී සිටි අතර ඔහුත් සමග ගම්පහ ප්‍රබලයා සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනක් පමණක් කතාබහ කොට ඇත.එක් මන්ත්‍රීවරයකු හිටපු ජනාධිපතිවරයාට වදිමු කියා කිවුවත් අනෙක් මන්ත්‍රීවරුන් එය ප්‍රතිකේෂ්ප කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *