කොළඹ හා යාපනය එල්.‍පි.එල්. අවසන් සටනට

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්විය.

ඒ තරගාවලියේ තෙවැනි අවසන්පූර්ව තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් පරදා කඩුළු 6 ක ජයක් හිමි කර ගනිමිනි. මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණී.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කලම්බු ස්ටාර්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුරැකීමට තීරණය කලේය. ඒ් අනුව කැන්ඩි සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 168 ක් රැස් කළහ.

ඉනිමේ අවසන්භාගයේදී කැන්ඩි කණ්ඩායමේ ලකුණු පුවරුව වේගවත් කළ නායක වනිඳු හසරංග ලකුණු 77 ක් රැස් කලේ පන්දු 34 කට පමණක් මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් හා හයේ පහර 3 ක් ඇතුලත්විය.

ඔහුට අගනා සහයක් ලබාදුන් අශේන් බණ්ඩාර ලකුණු 40 ක් රැස් කලේය. පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුළු 4 ක් බිඳ හෙලීය.‍

ලකුනු 169 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කලම්බු ක්‍රීඩකයින් පන්දුවාර 18.5 කදී කඩුළු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 40 කදී ලකුනු 64 ක් රැස් කිරීමට සමත්විය. එමෙන්ම රවී බොපාරා පන්දු 16 කදී ලකුනු 29 ක් රැස් කලේය. තරගයේ වීරයා සම්මානය හිමිවුයේ පන්දුවෙන් දස්කම් දැක්වූ කසුන් රාජිතටයි. මේ අනුව තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහන පෙරමුණ ගෙන නිමා කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට තරගාවලියේ අවසන්පූර්ව වටයෙන් ඉවත්වීමට සිවිය. ඔවුන් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන්ද ජැෆ්නා කිංග්ස් හමුවේ පරාජයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *