කුඩුගැසූ සරසවි සිසුහු 18ක් ඉවතට

හෝමාගම පොලිස් වසමට අයත් පිටිපන ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයක සිසුන් 18 දෙනකු මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනාව මත විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතා හෝමාගම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රකාශ කළේය.

මේ ආකාරයෙන් පසුගිය සති දෙක තුනක කාලය තුළදී විශ්වවිද්‍යාල සිසුන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවත් ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කර ඇති බවත් ඔහු පැවසීය.

මේ අතර ඉදි⁣රියේදී හෝමාගම පිටිපන මාහේන ප්‍රදේශයට පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීමටත්, හෝමාගම පොලිස් කොට්ඨාසය ලෙස පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කර මත්ද්‍රව්‍ය මැඩලීම කඩිනම් කිරීමටත් කටයුතු කරමින් සිටින බව ද ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *