’’ඔබ තුමාලගෙ අය රෑට රෑට මගේ ළඟ’’

ඔබ තුමාලගේ සමහර අය මම රෑට රෑට හම්බ වෙනවා” යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමතමින් පාර්ලිමේන්තුවේදී පැවසුවා.

වජිර අබේවර්ධන මහතා අයවැය විවාදය අමතමින් සිටියදී නැගී සිටි රංජිත් මද්දුමබණ්ඩාර මහතා මතු කළ පැනයකට පිළිතුරු සපයමින් අබේවර්ධන මහතා මේ බව සඳහන් කළා.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා:-

ඔබතුමා සිරිකොතට ගිහින් පක්ෂ සභාපති ලෙස අපට සහාය දෙන මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ තියෙනවා.ඔවුන් ඉවත් කරනවා. මේ දෙබිඩි ප්‍රතිපත්තිය මොකක්ද?මෙහේ ඇවිත් සහයෝගය ඉල්ලනවා.අනිත් පැත්තෙන් ගිහින් අපේ අය අයින් කරනවා.

වජිර අබේවර්ධන මහතා:-

අප දරන මතය නම් පරීක්ෂණ වලින් ප්‍රශ්න විසඳන්න බෑ.ඒ නිසා තමයි ඔය එක්දහස් ගානටම අප දිවුරුම් ප්‍රකාශයක් යවා එය අත්සන් කර එවා ප්‍රශ්නය අවසන් කර ගන්නා ලෙස දැනුම් දුන්නේ.ඕනෑම දේශපාලන පක්ෂයක විනය වැදගත්.මගේ මෙන්ම ඔබෙි දේශපාලන පක්ෂයේ විනය වැදගත්.මෙහිදී විනය ක්‍රියා මාර්ගයකින් ම පමණක් දුවන්න බැහැ.ඔබතුමාලගෙ සමහර අය මම රෑට රෑට හම්බ වෙනවා.ඒ හම්බ වෙන අයත් සමඟ මම මේ ගැන කතා කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *