ඉන්දීය කඩුලු රකින්නා අනතුරකට ලක්වෙයි

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, ඔහු නවදිල්ලි බලායන අතරතුර රූර්කී නම් ප්‍රදේශය ආසන්නයේදී එම අනතුර සිදු ව ඇති බවය.

අනතුර සිදුවීමෙන් අනතුරුව රිෂාබ් ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බරපතළ තුවාල ලබා ඇති රිෂාබ් මේ වනවිට ප්ලාස්ටික් සැත්කමට භාජනය කර ඇති බව ද වාර්තා වේ.

රිෂාබ් ට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *