අවුරුදු 15ට අඩු සියලු පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පතක්

වයස අවුරුදු 15ට අඩු සියලු පුරවැසියන්ට ශ්‍රී ලංකා ඩිජිටල් අයි.ඩී. ලෙස හැඳුනුම්පතක් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා දිනමිණට ඊයේ (23) පැවසුවේ සාමාන්‍ය ජීව දත්තවලට අමතරව පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු රුධිර වර්ගය ඇතුළුව ජීව විද්‍යාත්මක තොරතුරු ද ඇතුළත් කරමින් මේ ඩිජිටල් හැදුනුම්පත සකස් කිරීමට නියමිතව බවයි.

රට පුරා පුද්ගලයන් මිලියන 17කට වසර එකහමාරක කාලයක් තුළදී මේ නව හැඳුනුම්පත නිකුත් කිරීමට පියවර ගන්නා බව ඒ මහතා කීය. ඉන්දීය ආධාර ක්‍රමයක් යටතේ මේ නව හැඳුනුම්පත නිකුත් කෙරෙන අතර, ඊට මෘදුකාංග පද්ධතිය නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *