ස්වීට් පෙපර් හෙවත් ඛෙල් පෙපර් කැරොටීන් බහුලයි

සලාද වශයෙන් ආහාරයට සකස් කරගත හැකි වීමත්, අලංකරණ කටයුතුවලට යොදාගත හැකි වීමත් නිසා හෝටල් ක්ෂේත්‍රයෙන් වැඩි ඉල්ලූමක්…

කැප්සිකම් ඇනම් (Capsicum annum)) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මාංසශල ගතිය අධික ය. සැර ගතියෙන් අඩුය.ඵලය ඉදුණු විට තරමක පැ‚ රසයකින් ද යුක්ත වේ. මේ හේතුව නිසා සමහර දෙනෙක් මෙය ස්වීට් පෙපර් (Sweat Pepper) ලෙසින් ද හඳුන්වනවා. මෙහි කැරොටීන් විශාල ප්‍රමාණයක් අඩංගුයි. 

සලාද වශයෙන් ආහාරයට සකස් කරගත හැකි වීමත්, අලංකරණ කටයුතුවලට යොදාගත හැකි වීමත් නිසා හෝටල් ක්ෂේත්‍රයට වැඩි අවශ්‍යතාවක් පවතී. මේ නිසාම මෙය වගා කරන්නන්ට හොඳ ආදායමක් උපයා ගැනීමේ හැකියාව තිබේ.

 

හිතකර සාධක

නිසි දේශගු‚ක අවශ්‍යතා සපයා දීම මගින් බෝගයෙන් උපරිම අස්වනු නෙළා ගැනීමේ හැකියාව තිඛෙනවා. දිවා කාලයේ උෂ්ණත්වය 180ක‍0-240ක‍0 අතර ද, රාත්‍රී උෂ්ණත්වය 150ක‍0-180ක‍0 අතර ද පැවතීම උසස් අස්වැන්නක් ලබාගැනීමට හේතුවක්. උෂ්ණත්වය ඉහළ අගයක් (350ක‍0 වැඩි) ගන්නා විට මල් හා කුඩා පල හැළී යෑම සිදු වේ. මේ නිසා ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම ප්‍රතිඵලදායකයි.

ගසක් හොඳින් නඩත්තු කළහොත් මාස 08 ක පමණ කාලයක් අස්වැන්න ලබාගත හැකි වේ. එම ආයු කාලය තුළදී ගසකින් කිලෝ 2 1/2 ක පමණ අස්වැන්නක් ද පහසුවෙන් ලබා ගත හැකිය.

 

මෙයින් වඩාත් ජනපි්‍රය වී ඇත්තේ රතුපාට වර්ණයයි. වර්ග අඩි 1000 ක හරිතාගාරයක් තුළ පැළ 350 – 400 ක් පමණ හොඳින් නඩත්තු කළ හැකිය. විදේශීය රටවලින් ආනයනය කරන ඛෙල්පෙපර් බීජ ඇට 1000 ක (පැකට් 1 ග්‍රෑ. 10) මිල රුපියල් 500 – 2500/} අතර පවතී. ජනපි්‍රය තත්ත්වය මත මෙම බීජ ඇටවල මිල මෙසේ විවිධ අයුරින් පවතී.

 එක් ඛෙල්පෙපර් කිලෝ එකක් රුපියල් 250 – 350/} ක අතර මිලකට පහසුවෙන් අලෙවි කළ හැක. කිසිදු වෙනත් භෝගයකට මෙතරම් ඉහළ මිලක් වෙළෙඳපොළෙන් ලබාගත නොහැකිය.

 

 

වගාවට පෙර සූදානම

 

මෙම බෝගය වගාවට බීජ තවාන් කර පැළ ලබාගැනීම අවශ්‍යයි. තවාන් තැටි (ස්ටයිරෆෝම්) හෝ දැල් බඳුන් හෝ මේ සඳහා භාවිත කරන්න පුළුවන්. තවාන් මාධ්‍ය සඳහා ජීවාණුහරණය කළ කොහුබත් යොදාගැනීමෙන් බීජ පැළවීම සාර්ථකව කෙරෙනවා.

ඒ අනුව තවාන් තැටිය හෝ බඳුන කොහුබත්වලින් පුරවා එය තුළ නොගැඹුරු ලෙස බීජ තැන්පත් කිරීම අවශ්‍යයි. පැළ බඳුනෙන් ඉවත් කිරීමේ දී මූල මණ්ඩලයට සිදු වන හානිය අවම කර ගැනීම සඳහා බඳුන යටට පොලිතීන් තීරුවක් යෙදීම බොහොමත් හොඳ දෙයක්.

 

 

පොහොර යෙදීම හා නඩත්තුව

 

තෙතමනය පරීක්ෂා කර බලා අවශ්‍ය නම් පමණක් ජලය යෙදිය යුතු අතර බීජ පැළ වී, පත්‍ර දෙකක් ඇති වූ පසු ඉතා තනුක ද්‍රාවණයක් ලෙස ඇල්බට් පොහොර යෙදීම සුදුසුයි. බීජ පැළවලට සති 4 ක් පමණ ගතවන විට වගා බඳුනක සිටුවීමට යොදා ගැනීම යෝග්‍යයි.

සාමාන්‍යයෙන් බඳුන්වල වගා කෙරෙන බෝගයක් වන ඛෙල් පෙපර් වගා මලූවල සිටුවනවා නම් සෙ.මී. 45 ක් උස, විෂ්කම්භය සෙ.මී.30 ක් වන පොලිතීන් මලූ යොදා ගැනීම හොඳයි. මෙම මලූවල පේළි කිහිපයකින් සිදුරු සකසා ගැනීමෙන් වැඩි ජලය රඳා පැවැත්මක් සිදුවෙන්නේ නැහැ.

 

නිර්දේශිත වගා මාධ්‍ය 

ඛෙල් පෙපර් වගා කිරීම සඳහා බඳුන් මාධ්‍ය ලෙස මිශ්‍රණ කිහිපයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර තිඛෙනවා.

 

01. කොහුබත් 2 වැලි 1 කොම්පෝස්ට් 2

02. කොහුබත් 2 වැලි 1 කොම්පෝස්ට් 2

03. කොහුබත් 2 දහයියා අඟ=රු 1

 

මෙම මිශ්‍රණවලින් එකක් වගා මාධ්‍ය ලෙස යොදා ගැනීමේ හැකියාව තියෙනවා. මෙම වගාවේ පවතින විශේෂත්වය වන්නේ පැළ පුහුණු කිරීම හා නඩත්තු කිරීමයිි. නිරෝගී ශක්තිමත් වගාවක් මෙන්ම වැඩි ගුණාත්මයකින් යුත් ඵල ලබාගැනීම සඳහා එය බොහෝ දුරට ඉවහල් වේ. කඳ කෙළින් වැඩීමට ඉඩ හැර ඉන්පසු ඩ අකුරේ හැඩයට අතු දෙකක් වැඩෙන ලෙස සකසා ගැනීමට අවශ්‍යයි.

 

හොඳ අස්වැන්නක් ලබා ගැනීමට නම් අත්‍යවශ්‍ය පෝෂක අඩංගු පොහොරක් භාවිත කිරීම වැදගත්. ඒ සඳහා ඇල්බට් මිශ්‍රණය භාවිත කළ හැකි ය. මෙම ඇල්බට් ද්‍රාවණය සකස් කරන ආකාරය එම පැකට් එකේ සඳහන් කර තිඛෙනවා. 

 

මෙම පොහොර මිශ්‍රණය දිනකට වාර තුනක් යෙදීමට නිර්දේශ කර තිඛෙන්නේ. ද්‍රාවණය සකස් කිරීමේ දී පැළ වයසින් වැඩි වන විට යොදන ග්රෑම් ප්‍රමාණය වැඩි කළ යුතුයි. එයට අමතරව සතියකට වරක් කැල්සියම් නයිටේ්‍රට ද්‍රාවණය යෙදීමෙන් ගුණාත්මයෙන් වැඩි ඵලදාවක් ලබාගත හැකි ය.

ස්ථීර වගා මල්ලක සිට වූ ඛෙල්පෙපර් පැළයට මාස 2 1/2 ක් ගත වනවිට ගෙඩි හට ගැනීම ආරම්භ වේ. මුල් වටයේ අස්වැන්න සමයේදී ගසේ වර්ධනය අඩුවක් දක්නට ලැබුණත් නඩත්තු කටයුතු සිදුකළ යුතුය. දෙවන වර මල් විශාල ප්‍රමාණයක් හට ගනී. 

දුර්වල මල් ඉවත් කර හොඳම මල් 8 ක් පමණ ගසේ ඉතිරි කිරීම තුළින් ඉතාමත් උසස් ගුණාත්මක ගෙඩි ලබාගත හැක. මල් ඉවත් නොකිරීමෙන් කුඩා ගෙඩි විශාල ප්‍රමාණයක් ඇතිවීම නිසා අලෙවියේදී ගැටලූ මතුවේ. මල් හටගැනීමේ අවස්ථාවේ සිට වගාවට දිනකට දෙතුන් වරක් ජලසම්පාදනය කිරීම වැදගත් ය. එසේ නොවුනහොත් ගෙඩියේ යටි කොටස කළුපාට වීමක් සිදුවේ. එය අග්‍රස්ථ කුණුවීම ලසින් හැඳින්විය හැක. ඒ වුණත් වගාකරුවන් අපිරිසිදුව  වගාව පවත්වාගෙන යාම නිසා විවිධ රෝග ඛෙල්පෙපර් වගාවට වැළඳීමට ඉඩ තියෙනවා.

 

 

රෝග හා පලිබෝධ හානි

වගාවේ රෝග, පළිබෝධ හානි ලෙස තවාන් පැළවල දක්නට ලැඛෙන දියමලන්කෑම කියන දිලීර රෝගය දක්වන්න පුළුවන්. ඒ වගේම වගා මාධ්‍ය මට්ටමේ දී කඳ කඩා වැටීම සිදුවෙනවා. ඒ මට්ටමේ කඳ කුණු වීමක් ද දැකගන්න ලැඛෙනවා.එවන් රෝගයන්ගෙන් වැළකීමට මාධ්‍ය ජීවාණුහරණය ඉතා වැදගත්. දිලීරනාශක යෙදීම අවශ්‍ය මොහොතේ යෙදීම අවශ්‍යයි.

ඇන්ත්‍රැක්නෝස් දිලීර රෝගය ද හානි කරයි. කෙ​ඳහි කළු පාට පැල්ලම් ඇති වීම, අතු කෙළවර සිට කළු පාට වී මැරී යන්න පුළුවන්. රෝගී කොටස් දුටු වහා ම ඉවත් කිරීමට කටයුතු කළ යුතු අතර සැම විට ම නිරෝගී බීජ යොදා ගන්නවා නම් රෝග ඇති වීම වළක්වා ගැනීමට පුළුවන්.

 

සුදු මැස්සා, කුඩිත්තා, පැළමැක්කා හා කීඩෑවා රෝග වාහකයන් ලෙස ක්‍රියා කිරීම මගින් වෛරස් රෝග පැතිරෙන්න ඉඩ තියෙනවා. ඒ සඳහා කෘමින් මර්දනයට කටයුතු කිරීමත් රෝගී ශාක විනාශ කිරීමත් අවශ්‍යයි.

ඉහත පරිදි වගාව නඩත්තු කටයුතු කිරීම මගින් සාර්ථක වගාවක් පවත්වා ගැනීමට පුළුවන්. බලාපොරොත්තු වන ආකාරයට අස්වැන්න ලබා ගැනීමට පුළුවන්. හොඳින් මේරූ තද කොළ පාට හෝ 50% ඉදුණු ඵල අස්වැන්න ලෙස නෙළා ගැනීම සුදුසු ය. 

ඵල නෙළීම සඳහා තියුණු පිහියක් හෝ සෙකටියරයක් භාවිත කළ හැකි ය. පල නෙළීමේ දී කටුව සමඟ ඵල නෙළාගත යුතු අතර නෙළු ඵල හොඳින් පිස දැමීම මගින් ඔපවත් බවක් ලබා දෙයි. මෙම අස්වැන්න හිරු එළියට නිරාවරණය නොවන ලෙස තබා ගැනීම ඉතා වැදගත් ය. පෙට්ටිවල අසුරා ගැනීමේදී 120 ක‍0 -180 ක‍0 උෂ්ණත්වය ද 85% – 90% ආර්ද්‍රතාව ද යටතේ අසුරා ගබඩා කළ යුතු ය.

 

(උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ගන්නොරුව)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *