සමලිංගික ප්‍රේමය වෙනුවෙන් ලෝක කුසලානය මැදට කඩාපාත් වූ ප්‍රේක්ෂකයා
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග අතරතුරද ප්‍රේක්ෂකයින් ක්‍රීඩා පිටියට කඩාවැදීමක් වාර්තා වනවා.
තරගාවලියේ ‘ඒච්’ කාණ්ඩය යටතේ පැවති පෘතුගාලය හා උරුගුවේ අතර තරගය අතරතුරදී මෙලෙස අදාළ ප්‍රේක්ෂකයා ඒක්වරම ක්‍රීඩා පිටියට කඩා වැදුණා.
සමලිංගික ආදරයට ගරුකිරිමේ සංකේතය වන දේදුණු වර්ණ සහිත කොඩියක් අතැතිව සිටි මෙම පුද්ගලයා හැඳ සිටි ටී- ෂර්ටයේ ඉදිරිපස ඉංග්‍රීසියෙන් ‘යුක්‍රේනය බේරාගන්න’ යනුවෙන්ද පසුපස පෙදෙසේ ‘ඉරාන කාන්තාවන්ට ගරු කරන්න’ යනුවෙන්ද සඳහන් කර තිබුණා. අදාළ පුද්ගලයා පසුපස ලුහුබැඳ ගොස් වහා අල්ලා ගැනීමට පිටියේ ආරක්ෂක නිළධාරීන් කටයුතු කර තිබෙනවා.
අදාළ සිදුවීමෙන් දිනකට පසු එම පුද්ගලයා සමාජ මාධ්‍යය හරහා තමන්ට සිදුවූ සිදුවීම විස්තර කළ අතර තමන් සමාජ මාධ්‍ය හරහා බලපෑම් සිදුකරන්නෙකු (influencer) ලෙසින්ද පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින්ද හඳුන්වා දෙනු ලැබීය.හෙතෙම තමන්ව වැඩිදුරටත් හඳුන්වාදී ඇත්තේ Robin Hood 2.0 යනුවෙනි.
ඔහු මෙහිදී පවසා ඇත්තේ තමන්ට පණිඩිඩ ත්‍රිත්වයක් ලබාදීමට අවශ්‍ය වූ බවත්ය. එහිදී වර්ණවත් කොඩිය භාවිතා කලේ මෙම තරගාවලියේදී සමලිංගිකත්වය ඇතුළු මානව අයිතිවාසිකම් සීමා කිරිමට කටාර් බළධාරීන් ක්‍රියාකිරීමට ඒරෙහි වීමට බවයි.
ඒමෙන්ම යුද්ධය හේතුවෙන් යුක්‍රේන මිනිසුන් විඳින දුක්පීඩා පිළිබඳ ලෝකය දැනුවත් කිරීමටත්, ඉරානයේ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය පිළිබඳ ලෝකයේ අවධානය ලබාගැනීමටත් තමන් සිය ටී-ෂර්ටය මගින් කටයුතු කළ බවත්ය.
ඉතාලි ජාතිකයෙකු වන මාරියෝ ෆෙරී නම් මෙම පුද්ගලයා සිය සමාජ මාධ්‍ය තුලින් පවසා ඇත්තේ තමන්ට ඒරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් බළධාරීන් විසින් නොගත් බවයි. කෙසේ වෙතත් අදාළ පුද්ගලයාව වහාම කටාර් රාජ්‍යයෙන් පිටමං කිරීමටත්, ඔහුට තරගාවලියේ ඉදිරි තරග නැරඹීම තහනම් කිරීමටත් ක්‍රියා කළ බව කටාර් බළධාරින් පවසා සිටියා.
අන්තර්ජාතික මෙන්ම වැඩි ප්‍රේක්ෂක ආකර්ශණයක් දිනා ගන්නා තරග මධ්‍යයට ප්‍රේක්ෂකයින් කඩාවැදීම නිරතුරුවම දක්නට ලැබෙන අතර ඔවුන් බොහෝ විට විනෝදස්වාදය හෝ ජනප්‍රියතාව ඉහළ නංවාගැනීමට මෙම පියවර අනුගමනය කරනු ලබනවා.