පොහොට්ටුවේ දෙකක් කරනමකට සැරසෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ළඟදීම විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මින් එක් මන්ත්‍රීවරයකු දිස්ත්‍රික් නායකයෙකි. ඔහු කාලයක් ඇමතිවරයකු ලෙසද කටයුතු කළේය.

ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටි හෙයින් දෙදෙනා විපක්ෂයට එක්වීමට මෙසේ තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ මන්ත්‍රීවරුන් දෙදෙනාට ආණ්ඩුවෙන් මේ දක්වා කිසිම සැලකිල්ලක් ලැබී නැතැයිද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් විවිධ හේතු මත කලකිරීමට පත්වීමෙන් විපක්ෂයේ මෙයට පෙරද අසුන් ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *