නොවැම්බරයේ දී සංචාරකයින් 59,759 ක් ඇවිත්

පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 59,759 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ අනුව 2022 මුල් මාස 11 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 628,017 ක් වේ.

නොවැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 13,820 කි. මීට අමතරව ඉන්දියාවෙන් 10,167 ක සංචාරකයින් ප්‍රමාණයක් පසුගිය මාසය තුළ දී මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

සමස්තයක් ලෙස ගත් කල, 2022 ජනවාරි – නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙනි. එය 105,654 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *