දියණිය සහ බිරිඳගෙන් වෙන් වූ ‘මහේල’ ගුවන් සේවිකාවක් සමග විවාහ වූ හැටි (PHOTOS) – Mahela Jayawardene second marriage

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක 44 හැවිරිදි මහේල ජයවර්ධන පළමු විවාහයෙන් දික්කසාදවීමෙන් පසු දෙවන විවාහයට පිවිස තිබෙනවා.

දෙසැම්බර් 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේලගේ විවාහ උත්සවය පැවැත්වුණ බවත් නටාශා මාකලන්ද සමග ඔහු විවාහවූ බවත් වාර්තා වනවා.

මහේලගේ මුල් විවාහය 2005-2018 කාලයේ ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමග පැවති අතර ඔවුන්ගේ එකම දියණිය සන්සා ආර්යා දැන් 8 හැවිරිදි වියෙහි පසුවන්නීය.

2018 මහේල බිරියගෙන් වෙන්වූ පසු දියණිය සිටින්නේ ඇය භාරයේය.

මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු වන මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස තවත් කාලයක් රැඳෙනු ඇති බවට විශ්වාසය පවතිද්දී 2014දී අනපේක්ෂිත ලෙස කල් ඇතිවම ඉන් සමුගත්තේ දියණිය උපත ලැබීමෙන් පසු පවුල වෙනුවෙන් කාලය ගතකරන බව පවසමිනුයි.

මහේල ජයවර්ධන ක්‍රිස්ටිනා මල්ලිකා සිරිසේන සමඟ 2005 නොවැම්බර් 3 වැනි දින විවාහ වූ අතර මෙම යුවළට දරුවෙකු ලැබුනේ විවාහයෙන් වසර 8 කට පසුය.

ශ්‍රී ලාංකික – ඩෙන්මාර්ක දෙමාපියන්ට දාව උපන් ක්‍රිස්ටිනා වෘත්තියෙන් සංචාරක උපදේශකවරියකි. ඇය ඩෙන්මාර්කයේ උපත ලැබූ අතර, ඇයට යන්තම් අවුරුදු දෙකේදී නිවාඩුවකට තම දෙමාපියන් සමඟ ලංකාවට පැමිණ පසුව 1990 දී ස්ථිරව පදිංචි වූ බවත් මහේලව සාදයකදී මුණගැසී දැනහඳුනාගත් බවත් එකල වාර්තා වුණා.

කෙසේ වෙතත් 2018-2019 කාලයේ මේ දෙන්නාගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පවුලේ විස්තර වෙනස් කර තිබීම හා ඡායාරූප ඉවත් කිරීම් දැකගත හැකි වුණා.

මහේලගේ අලුත් විවාහය නටාශා මාකලන්ද සමග සිදුව ඇති අතර ඇය ඔහුට මුණගැසෙන්නේ ගුවන් සේවිකාවක ලෙස කටයුතු කරද්දී බව වාර්තා වනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *