ධනුෂ්කට ඇප දුන් කෝටිපති කත(VIDEO)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට නියම කළ ඕස්ට්‍රේලියානු ඩොලර් 150,000ක ඇප මුදල ලබා දී ඇත්තේ ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ධනවත් ශ්‍රී ලාංකික කාන්තාවක් බව වාර්තා වනවා.
ඇය විසින් ධනිෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන මුළු මුදලම අධිකරණයේ තැන්පත් කිරීමට පියවර ගත් අතර ඇය සහ ධනිෂ්ක ගුණතිලක අතර ඇති සම්බන්ධය මෙතෙක් තහවුරු වී නැහැ.
මේ වන විට ගුණතිලක වාසය කරන්නේ ඔහුට දෙවැනි වර ඇප ලබා ගැනීම සඳහා ලබාදුන් ඔස්ට්‍රෙලියානු ලිපිනය අයිති ධනවත් ශ්‍රී ලාංකික පවුලක් සමගින් බවයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සිඩ්නි අධිකරණය මගින් ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක හට ඇප ලබා දීමත් සමඟම ඔහු ඔස්ට්‍රෙලියාවේ වාසය කරන කාලසීමාව තුළදී ඔහුගේ වියපැහැදම් දැරීමට සහ නවාතැන් පහසුකම් සැපයීමට සිඩ්නි නුවර වාසය කරන ධනවත් ශ්‍රී ලාංකික පවුල් ගණනාවක් ඉදිරිපත් වුණා.
මීට අමතරව මෙල්බන් නගරයේ වාසය කරන ධනවත් ශ්‍රී ලාංකිකයින් ද ධනිෂ්කගේ වියපැහැදම් සඳහා මුදල් ලබාදීමට එකඟතාව පළකර තිබෙනවා.
මේ තත්ත්වයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ධනිෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ රැඳී සිටින කාලය සීමාව තුළ ඔහුගේ එදිනෙදා වියදම් සම්බන්ධයෙන් මුදල් වියදම් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින අතර ඔහුගේ නීතිමය කටයුතු සඳහා අවශ්‍ය මූදල් පමණක් වැය කළ යුතු වනවා.
පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ඔස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ අත්අඩංගුවට ගැනුණු ධනිෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වන නඩුවේ මීළඟ කැඳවීම යෙදී ඇත්තේ ජනවාරි මස 12 වැනි දින ටයි.