ඩොලර් හොයන්න තාම වැඩපිළිවෙළක් නෑ -ධම්මික

තවමත් මෙරටට තුළ ඩොලර් සෙවීමේ නිසි වැඩපිළිවෙළක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි.

මිද්දෙණියේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඒ බව සඳහන් කළේය.

“ලංකාවේ බදු ක්‍රමය මේ වගේ තත්ත්වයට ඇතිවෙලා තියෙන්නේ ඇයි? ඩොලර් හිඟයත් එක්ක ආනයන අඩුවෙලා තියෙනවා. එතකොට ආනයන අඩු වුණාට පස්සේ කස්ටම් ඩියුටි එක ගහන ඒ මුදල් අඩුවෙලා තියෙනවා. ඒ මුදල් අඩු වුණාට පස්සේ ඒ මුදල් ටික හොයාගන්න අනෙක් තැන්වලින් බදු වැඩිකරලා තියෙනවා. එතකොට ඒක තමයි මූලික දේ. මෙකේ මූලිකම ප්‍රශ්නය ඩොලර් නැතිකම නේ. එතකොට ඩොලර් නැතිකමට ඩොලර් හොයන්න වැඩපිළිවෙළක් තවමත් නැහැ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *