කොවිඩ් රෝග ලක්ෂණ සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තා වෙයි

කොවිඩ් රෝග ලක්ෂණ සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තා වෙමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

බස්නාහිර පළාත හා නිරිතදිග ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වෙමින් ඇති බවයි එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පැවසුවේ.

පවතින උණ තත්ත්වයන් කොවිඩ්, ඩෙංගු හෝ මැලේරියා රෝගය ද විය හැකි බැවින් කඩිනමින් වෛද්‍යවරයෙකු යොමුවන ලෙස ද ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *