කෘෂිකාර්මික සංවර්ධනයට හා ආහාර සුරක්ෂිතතාවයට යෝජනාවලියක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මෑතක දී මුහුණ පා සිටින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රටේ ඉදිරි කෘෂිකාර්මික සංවර්ධනය හා ආහාර සුරක්ෂිතතාවය සඳහා විශ්වවිද්‍යාල තුනක කෘෂිකර්ම මහචාර්යවරුන් පිරිසක් යෝජනාවලියක් සකස් කර තිබේ.

ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරන මහචාර්යවරුන් 10දෙනෙකුගෙන් සමන්විත කෘෂි මහචාර්යවරු පිරිසක් පසුගියදා කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත අදාළ යෝජනාවලිය කෘෂිකර්ම අමාත්‍යාංශයේදී භාර දෙනු ලැබිය.

මහචාර්ය බුද්ධි මාරඹේ, මහචාර්ය ජනේන්ද්‍ර ද කොස්තා, මහචාර්ය දේවිකා ද කොස්තා, මහචාර්ය අරුණ කුමාර, මහචාර්ය සීවනන්දවේල්, මහචාර්ය සමන් ධර්මකීර්ති, මහචාර්ය මෙත්තිකා විතානගේ, මහචාර්ය නාලිකා රණතුංග, මහචාර්ය වර්ෂි දන්දෙණිය, මහචාර්ය නිලන්ත ලියනගේ යන මහත්ම මහත්මීහු ඊට සහභාගී වූහ.

ඔවුන් විසින් කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය හා ආහාර සුරක්ෂීතතාවය පිළිබඳව කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ මෙම යෝජනාවලිය සකස් කර ඇත.

මෙහිදී අදහස් පළ කළ මහචාර්යවරු කියා සිටියේ ශ්‍රී ලංකාව ඉදිරියේදී මුහුණ දිය හැකි ආහාර අර්බුදය ජය ගැනීමට නම් වහාම මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

මහචාර්යවරුන් ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම යෝජනාවලියේ අඩංගු සියලු කරුණු සැලකිල්ලට ගනිමින් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පැවසීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ පසු ගිය මහ කන්නය සහ දැනට අර්බුදයට ලක්ව තිබෙන යල කන්නය දෙස බලන විට මෙරට ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙල ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බව ද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *