ඇමතිකම් කිහිපයක වෙනස්කම්

පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් මහතා නව කැබිනට් අමාත්‍යවරු ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ ඉදිරියේ දිවුරුම් දුන්නා.

පොහොට්ටුවේ එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ඉදිරි දින කිහිපය ඇතුළතදී කඩින්කඩ කැබිනට් අමාත්‍යවරු ලෙස දිව්රුම් දීමට එකඟතාවක් ඇතිව ඇති බව වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂයෙන් වජිර අබේවර්ධන ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් දුමින්ද දිසානායක සහ ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු දිවුරුම් දීමට නියමිතය.

වරාය,මහාමාර්ග,ක්‍රීඩා, ප්‍රවාහන, කර්මාන්ත,විදුලිබල, ජනමාධ්‍ය ,ආයෝජන ප්‍රවර්ධන හා ස්වදේශ කටයුතු යන අමාත්‍යාංශ වෙනස්වීමට නියමිත වනවා.

දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඉවත් කිරීමට ද නියමිත වනවා.

පසුගිය ආණ්ඩු සමයේ තමාට හිමි අමාත්‍යාංශවල වැඩ කල අමාත්‍යවරුන් නව කැබිනට මණ්ඩලයට එක්කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *